ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වනවා. වැඩිම බලපෑම් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ද අවහිර වී තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් නායයාම් අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
මේ අතර දිස්ත්‍රික්ක 07කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 02 ක්ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. බණ්ඩාරවෙල, හල්පේ දිවුල්ගස්තැන්න ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අකුණු සැර වැදීම හේතුවෙන් වයස අවුරුදු 6 දරුවෙකු ආණමඩුව, උරියාව ප්‍රදේශයේදී මියගොස් තිබුණා. ඊයේ රාත්‍රියේ සිට ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙනවා.
අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රීතව ස්ථානගතව පැවතීම ඊට හේතුවී තිබෙනවා.
මේ, හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තරමක තද වැසි අපේක්ෂ් කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ.