දියේ ගිලී ප්‍රදේශ හතරකින්මරණ හතරක් එක් දිනක් තුළ වාර්තා වේ. ප්‍රවේශම් වන්න! පොලීසිය මහජනතාවට කියයි.

November 1, 2021 at 6:30 AM

දියේ ගිලීමෙන් ඊයේ දිනය තුළ පමණක් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මෙලෙස මිය ගොය අය අතර පස් හැවිරිදි දැරියකද වේ.

දියනෑමේදී සහ වාරි ජලය ආශ්‍රිත රැකියාවන්හිදී වඩාත් ප්‍රවේශම් සහගත වනලෙස ද පොලීසිය මහජනතාව ගෙන් ඉල්ලා සිටී.

මේ දිනව පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ජලමාර්ග සහ ඇළමාර්ග මෙන්ම වැව් ද අනතුරුදායක බව පොලීසිය පෙන්වා දෙයි.