මොරටුව, මාදන්ගහවත්ත ප්රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 18 දෙනෙකු ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
පෙරේදා රාත්රියේ පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ නිලධාරීන් දෙදෙනා මාදන්ගහවත්ත ප්රදේශයට ගොස් තිබුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් නිරාකරණය කිරීමටයි.
එහිදී පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති අතර, හිසට බරපතල තුවාල සිදුවූ එක් පොලිස් නිලධාරියෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.
අනෙක් පොලිස් නිලධාරියාගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති අතර, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.