කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභා වාර්තා පිළිබඳව අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් පවතින ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කර සිටියා.
නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන්ට වෙන ස්ථානයක සම්පාදනය කරන නීතිවලට පාර්ලිමේන්තුවේදී අත එසවිය හැකිද යන්න රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කර සිටියේ.
”අපි මොන්ටිසොරි ගිහිල්ලා මේ ආයතනයට ඇවිල්ලා නෑ. එහෙම අය ඉන්න පුළුවන්. මම නීති උපාධිය කළේ 82 දී ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ 85 දැන් අවුරුදු 36 ක්. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒවා දන්නේ නෑ. කොහෙවත් හදනවා නීති මෙතෙන්ට ගේනවා, අපි අත උස්සන්න ඕනි”
ජනතාව මහජන නියෝජිතයින් ලෙස මන්ත්‍රීවරුන් පත් කර ඇත්තේ, සිග්නල් කණු වන්නට නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
”ජනතාව අපි පත් කරලා තියෙන්නේ කියන එක මේ වර්තාවත් එක්ක මම කියනවා. ඒ කාර්යභාර්ය තමයි අපි ඉටු කරලා තියෙන්නේ. මට මතකයි ගිය ආණ්ඩුව කාලෙ, අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ක්‍රියාදාමයකට ගියා. මොකද්ද ක්‍රියාදාමය? පාර්ලිමෙන්තුවේ යොජනාවක් සම්මත කරලා , තේරිම් කාරක සභාවක් පත් කරලා අනුකමිටු 06 ක් හදලා. ඒ අනුකමිටුවලට තමයි. තාක්ෂණ සහාය දුන්නේ නීති විශාරදයින්, නැත්තන් මේක ව්‍යවස්ථාදායකය ද අපි මොකටද මේතන ඉන්නේ? අද සමහරු දන්නේ නෑ. ව්‍යවස්ථා හදන්නේ කොහොමද කියලා”
රාජ්‍ය අමාත්‍යවරයාට තවත් විනාඩි 2ක් පමණක් ඉතිරිව ඇති බව මූලාසනය දැනුම්දීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා මෙලසෙ අදහස් පළ කර සිටියා…
”බලන්න ඔක තමයි වෙලා තියෙන්නෙ, මේ විෂය දන්න විෂයේ හිටපු අයට විනාඩි 11 යි . මේ විෂය දන්නේ නැති ඕනිම කුණුහරුපයක් කියන කෙනෙකුට විනාඩි 15 යි. මේවා කියන්න අපි බය නෑ. පාර්ලිමේන්තුවට අපි එවලා තියෙන්නේ මිනිස්සු ඡන්දයෙන් පත් කරලා. මම සන්ධානයේ ලේකම් හිටියා කවදාවත් ජාතික ලැයිස්තුවෙන් ගියේ නෑ. නාම යෝජනා 12 ක් හදලා තියෙනවා. මහින්ද මහත්තයාගේ නාම යෝජනා 03 ක් අත්සන් කරලා තියෙනවා. මම සමහරුන්ට එවා මතකත් නෑ”