බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

October 18, 2021 at 10:36 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දියවැඩියා රෝගයෙන් පෙළුණු බන්දුල වර්ණපුර මහතා පසුගිය දින කිහිපයේදී කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියා.

මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවූවා.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ අභාවය වෙනුවෙන් මහේල ජයවර්ධන ට්විටර් සටහනක් තබමින් මෙසේ සිය ශෝකය ප්‍රකාශ කර සිටියා.