දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන දේශිය සංචාරකයන් විසින් කලින් වෙන් කරගෙන තිබුනද, අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කිරිමත් සමග එම පිරිස වෙන් කරගෙන තිබු සංචාරක නිකේතන අවලංගු කරගෙන ඇති බව නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් පවසනවා.
කෙසේ වුවත් අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කලද දේශිය සංචාරකයන් පිරිසක් නුවරඑලියට පැමිණ නිවාඩුව ගත කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
එලෙස පැමිණ සිටින දේශීය සංචාරකයන්ට නිරෝධායන උපදෙස් වලට අනුකුලව පහසුකම් සලසා දි ඇති බවයි සංචාරක හෝටල් හිමියන් කියා සිටියේ.
නුවරඑළිය නගරයේ තැනින් තැන දේශීය සංචාරකයින් පැමිණ සිටිය අයුරුයි මේ…