නව කොවිඩ් ප්‍රභේද රට තුලට ඇතුළුවීමේ අවදානමක්

October 17, 2021 at 1:47 PM

නව කොවිඩ් ප්‍රභේද ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් කර සිටිනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ සංචාරකයින් සඳහා රට විවෘත කිරීම සහ වරාය මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමත් සමඟ නව ප්‍රභේද මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතින බවයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් අනපේක්ෂිත බවයි ඔහු සඳහන් කර සිටියේ.

වසංගතය පරාජය කිරීමට සහ ඉදිරි කාලය තුළදී මහජනතාව සිය සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශන දැඩි ලෙස පිළිපැදිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ.