ඇතැම් කැබිනට් පත්‍රිකා අනුමත වෙන්නේ ප්‍රමාණවත් සාකච්ජාවකින් තොරවයි – ඇමති විමල් විරවංශ

October 15, 2021 at 8:40 AM

ප්‍රමාණවත් සාකච්ජාවක් සිදුවුවා නම් ඇතැම් විට මීට වඩා නිවැරදිව කටයුතු කිරිමට හැකියාව තිබුණ බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා.  දිනෙන් දීන උග්‍ර අතට හැරෙමින් පවතින පොහොර අර්බුධය සම්බන්ධයෙන් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“ඕනිම හොඳ දෙයක් කරද්දී සැලසුම් සහගතව කරන්න ඕනි. කාලය, දීපය, දේශය, මව ගැන හොඳට හොයන්න ඕනි. මේ වසංගතයක් තියෙද්දී මේවා කරන්න පුලුවන්ද, ගොවියා මේකට සුදානම් කරන්න පුලුවන්ද බලන්න ඕනි. මේක මහා සාකච්ජාවකින් මහා සැලසුමකින් සිදුවිය යුතු දෙයක්.

මේක ගැන ප්‍රමාණවත් සාකච්ජාවක් ආණ්ඩුව තුල සිද්ධ වුණා නම් සමහර දේවල් මීට වඩා නිවැරදිව කරගන්න පුලුවන්කම තිබ්බා. සමහර අමාත්‍ය මණ්ඩල පත්‍රිකා එදා දිනයේ එනවා, එදාම ප්‍රමාණවත් සාකච්ජාවකින් තොරව සම්මත කර ගන්නවා. මේකට සුදුසු ක්‍රමයක් නෙවෙයි කියලා මං කියලා තියෙනවා.” යැයි මෙහිදී අමාත්‍ය විමල් විරවංශ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.