දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීමක් ?

October 5, 2021 at 11:55 AM

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. මහනුවර, ගාල්ල, කළුතර, දෙහිවල ඇතුළු ප්‍රදේශවලින් මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති බවයි විදුලි පාරිභෝගිකයින් සඳහන් කරන්නේ.

සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසකට විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බවත් මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුල්ක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ.