කෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම් අත්සන් තැබීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අදහස් පළකර සිටියා.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා මේ වන විටත් අදහස් දක්වා ඇති බවයි.
ඒ අනුව දෙපාර්ශවයට පහසු වෙලාවක ගිවිසුම් අත්සන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ආණ්ඩුවට පැය 24 පුරාවට වැඩ කරනවානම් රාත්‍රී 12.00 ට ගිවිසුම් අත්සන් තැබුවත් එය හොදයි යන්නයි.
විදේශීය ආයෝජකයින් සමග වැඩ කිරීමේදී ඔවුන්ගේ කාල රාමුවට ගැලපෙන ලෙස වැඩ කිරීම යෝග්‍ය බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
අමාත්‍යවරයා පළකරන ලද අදහස් පහත විඩියෝවෙන් නරඹන්න..: