පිටි,කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ රැස්වන ජීවනවියදම් කමිටුවේදී තීරණ කිහිපයක් ගැනීමට න්යිමිතය.
මේ වනවිට වෙළඳපොලේ කිරිපිටි හිගයක් පවතින අතර ලාෆ්ස් ගෑස් හිඟයක්ද පවතී.
එමෙන්ම තිරිගු පිටි සමාගම් සහ සිමෙන්ති සමාගම් ද මිල වැඩිවීමක් ඉල්ලා තිබේ.
පවතින කිරිපිටි හිගය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය වරයා සමග සාකච්ඡාව කදී ආනයන කරුවන් එකඟ වී ඇත්තේ කිලෝවක් සඳහා රු.200ක මිල ඉහල දැමීමකටයි.
මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත සිය බහලුම් 800 ක් පමණ වරායේ සිරවී ඇති බවයි ආනයන කරුවන් පෙන්වා දෙන්නේ.
පවතින ඩොලර් හිගය හේතුවෙන් ඒවා නිදහස් කරගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙති.
අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල දැමීමක් අපේක්ෂා කරන්නේ දැයි පාරිභෝගික කටයුතු අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඇතැම් විට රජය ආනයන කරුවන්ට සහන ලබාදෙමින් මිල ස්ථාවර කල හැකි බවයි.
අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වන ජීවනවියදම් කමිටුවේදී එය හෙට තීරණය කොට රජයට දැනුම් දෙනු ඇති.