ගුරු විදුහල්පති වැටුප් විශමතා අර්බුදය සම්බන්ධයෙන් වෘත්තීය සංගම් සමග සාකච්ඡාවකට මුදල් අමාත්‍යවරයා සූදානම් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් වරයා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරනු ඇතිබවට ඔහු බලාපොරොත්තු පළකළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.
තමා කිසිවිටෙකත් පවතින වසංගත තත්ත්වය හමුවේ ගුරු ප්‍රජාව කළ ඇපවීම අවතක්සේරුවට ලක් නොකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.