ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගෙන සිටින තලේබාන් සංවිධානය මෙවර එක්සත් ජාතීන්ගේ 76 වැනි මහ සමුළුව ඇමතීමට අවසර ඉල්ලා ලිපියක් යොමුකර තිබේ.
තලේබාන් සංවිධානයේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමිර් ඛාන් මුට්ටාකි මෙම ඉල්ලීමක ර ඇතිබව වාර්තාවේ.
මේ වන විට පැවැත්වෙන ජගත් මහාමණ්ඩල සැසිවාරයේ අවසන් කථිකයා ලෙස දක්වා ඇත්තේ ඇෆ්ගනිස්තානය යි.
කෙසේ වෙතත් හිටපු ඇෆ්ගනිස්තාන ජනපති විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ට නම් කළ නියෝජිතයා තම රජය නියෝජනය නොකරන බවයි තලේබාන් සංවිධානය දන්වා ඇත්තේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහා සමුලුවේ සංවිධාන කටයුතු මෙහෙයවන කමිටුව සලකා බැලීමට නියමිතය.
එම කමිටුව ඇමෙරිකාව , චීනය රුසියාව ඇතුළු රටවල් නවයකින් සමන්විත වේ.
නමුත් තලේබාන් සංවිධානයේ නියෝජිතයෙකුට මෙවර සමුලුව ඇමතීමේ අවස්ථාව අහිමි වනු ඇති බවටයි වාර්තා පලවන්නේ.