කොවිඩ් එන්නත්කරණය සීමා කිරීමට සිදුවේවි – සෞඛ්‍ය අමාත්‍යාංශය

September 21, 2021 at 11:11 PM

ඉදිරියේදී එන්නත්කරණ කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බැවින් වහා ම එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

ඉදිරියේදී නිවෙස් ආසන්නයට ම ගොස් එන්නත් ලබා දීම වෙනුවට ප්‍රධාන මධ්‍යස්ථාන කිහිපයක පමණක් එන්නත් ලබා දීමට සිදු වනු ඇති බවයි එහිදී විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙරට එන්නත්කරණය ආරම්භ කර අවුරුද්දක කාලයක් ගත වී ඇති බවත් ‘බූස්ටර්’ මාත්‍රාවක් ලබා දීමට සිදුවුවහොත් ඉදිරියේදී ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සිදු වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ.

එම කරුණු සැලකිල්ලට ගෙන වහා ම කොවිඩ් එන්නත ලබා ගැනීමට යොමු වන ලෙසයි ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ.