හම්බන්තොට නගරාධිපති පොලිස් අත්අඩංගුවට

September 19, 2021 at 11:22 AM

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කර සිටිනවා.

හම්බන්තොට නගරාධිපතිවරයා විසින් ඉකුත් 14 වෙනිදා රාත්‍රියේ බම්බලපිටිය කොතලාවල මාවතේ ඉඩමකට බලෙන් ඇතුළු වූ බව වාර්තා වනවා. පසුව ඔහු එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඇති බව සඳහන්.

පෞද්ගලික ආරක්‍ෂක ආයතනයකට අනුයුක්තව සේවය කළ තුවාල ලැබූ එක් නිලධාරියෙකු සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 15 වෙනිදා බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.

කිසිදු හේතුවක් නොමැතිව හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු එම ස්ථානයට ඇතුළු වී නිලධාරීන් දෙදෙනාට වාචිකව අපහාස කළ බවත් පසුව ඔහු ඔවුන්ට පහර දුන් බව එම ආරක්ෂක නිලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.