රට විවෘත කරන දිනය ගැන ඉඟියක්

September 17, 2021 at 4:38 PM

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ද රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී මෙම තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 15-19ත් අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදෙනු ලැබුවා.

විශේෂඥ වෛද්‍ය කමිටුවේ උපදෙස් අනුව දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදෙන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදෙනු ලැබුවා.

ජනතාව එන්නතකරණයට යොමු කිරිමට උනන්දු කරවීම මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ ස්වයං රැකියාවල නියැළෙන්නන්ට බාධාවකින් තොරව සිය ජිවනෝපාය කරගෙන යෑමට මග පෙන්වීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන ප්‍රධන වගකීමක් බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.