බොබ් මාලිව පොලිසියෙන් අල්ලයි

September 9, 2021 at 1:26 PM

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබ්‍රෙිව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසනවා. ඇල්පිටිය ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගියදා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 288 කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා එය මෙරට සිට මෙහෙයවූ ප්‍රධාන සැකකරු ‘බොබ් මාලි’ බවට පොලීසිය සැක පළ කර සිටියේ.

ඔහුව සොයා ගැනීම සඳහා පොලීසිය ඊයේ (08) මහජය සහය පතමින් ‘බොබ් මාලි’ ගේ ඡායාරූප සහ පොලීසිය සතු විස්තර ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.