රිෂාඩ්, බිරිඳ සහ මාමන්ඩිය යලි රක්ෂිත බන්ධනාගාරයට

September 6, 2021 at 1:39 PM

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කරනු ලැබුවා. ඒ අදාළ සැකකරුවන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව සැකකරුවන් ලෙස නම්කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රිෂාඩ් බදුයදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා වන මොහොමඩ් ඉස්මත් සහ මියගිය දැරිය එම නිවසට ගෙනැවිත් භාරදුන් තැරැව්කරු වන පොන්නයියා පන්ඩාරම් යන අය ඇප මත මුදා හරින ලෙස ද මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කරනු ලැබුවා.