කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මිනුවන්ගොඩ මුලික රෝහලේ කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් අසීමිත කැප කිරීම් කළ කාරුණික හෙද නිලධාරිනියක් වෙන ඉන්දු අමරසිංහ මහත්මිය පසුගියදා ජිවන ගමනට සමුදී තිබුණා.
මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ..
අපේ අයත් යන්න පටන් අරන්
අද වන විට රෝහල් සේවාවේ යෙදී සිටියදී කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති සෞඛ්‍ය කාර්ය මංඩළය දිනෙන් දින එකතු වෙනවා.
මේ වනවිට හෙදි නිළධාරින් -02 වෛද්‍ය නිළධාරින් 02, ගිලන් රථ රිදුරන් 02 සහ ලිපිකාරිනියක් කොවිඩ් ආසාදනයෙන් දන්නා පරිදි දිවියෙන් සමු අරන්.
ඒ අතර වෙනත් විවිධ රෝග හේතුවෙන්ද හෙදියන් කිහිප දෙනෙකුම මෙකලදී අකාලයේ මිය ගියා.
මිනුවන්ගොඩ මූලික රෝහලේ, කොවිඩ් රෝගීන් වෙනුවෙන් අසීමිත කැප කිරීම් කර හෙද සොයුරි ඉංදු අමරසිංහ මහත්මියත් හෙදියක් මෙන්ම මවක් .
ඇයත් තම ආදරණියයන් සියල්ලම හැරදා මෙලොවින් සමුගත්තෙ කොවිඩ් රෝගය ආසාදනය වීමෙන්.
අපේ අයත් යන්න පටන් අරන්…….