මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද වන විට දැක්වෙන්නේ 7948ක් ලෙසයි.
ඒ ඊයේ එනම් 26වැනි බදාදා තහවුරු කෙරුණු 25වැනි අඟහරුවාදා ට අදාළ මරණ 198ක් ද සමගිනි.
මෙරට මේ දිනවල වාර්තා වන මරණ සංඛ්‍යාව අනුව අද කොවිඩ් මරණ අවම වශයෙන් 100ක් වාර්තා වූවත් මෙරට මුලු කොවිඩ් මරණ 8000ඉක්මවනු (8048) ඇති.
කොවිඩ් ආසාදිත මරණ 7000 ඉක්මවා ගියේපසුගිය සෙනසුරාදා තහවුරු කළ මරණ 198ක් ද සමගයි.
ඒ අනුව මෙරට කොවිඩ් මරණ වාර්තා වීම ගතවූ සතියේ ඉතා ඉහළ ගිය අතර ආසන්න මරණ 1000 සම්පූර්ණ වීමට ගතව ඇත්තේ දින පහකි.
මීට පෙර කොවිඩ් මරණ 6000 සිට 7000 දක්වා වාර්තා වීමට දින හයක් ගත විය.
මේ ගතවූ දින දහයට අදාළව මෙරට මරණ වාර්තා කළ ආකාරයයි.
අගෝස්තු 25-198/ 24-190/23-194/22-183/21-198/20-195/19-186/18-170/17-171/ අගෝස්තු 16-167
ඒ අනුව ගතවූ දින දහයට මෙරට මරණ 1832ක් කොවිඩ් හේතුවෙන් සිදුවී තිබේ.
මෙම මරණ වලින් බහුතරය අවුරුදු 60 ඉක්මවූවන් වේ.