ඉරාජ් ඉල්ලා අස් වෙයි!

August 25, 2021 at 1:11 PM

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර සිටි ජනප්‍රිය ගායක සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් වීරරත්න එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.

එම ලිපිය ඔහු තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇත.

ඔහු පවසන්නේ සිය පෞද්ගලික කාර්‍යයන් ඉටු කරගැනීම කාලය අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි.

ඉදිරියේදී කලාකරුවෙකු ලෙස සිය සහාය අවශ්‍ය ඕනෑම මොහොතක ලබා දෙන බවද ඔහු පවසයි .