පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු රට විවෘත ව තැබීමේ තීරණයට එකඟ වූ අමාත්‍යවරු ඇතුලු පක්ශ නායකයින් පිරිසක් පසුව ලිපියක් මගින් රට වසන්නැයි ඉල්ලා සිටිඔම පසුගිය දා දේශපාලන ක්ෂෙත්රයේ කතාබහට ලක් විය.
මෙලෙස ඉල්ලා තිබුණේ අමාත්‍ය විමල් වීරවංශ ,උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇතුලු පිරිසකි.
ඊයේ පොදු ජන පෙරමුණු මාධ්‍යහමුවේදී මෙම ක්‍රියා කලාපය අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ගේ විවේචනයට ලක් විය.
ඒ අමාත්‍ය මණ්ඩල තීරණයට එකඟ වී පසුව ලිපි එවීම සම්බන්ධයෙනි .
කෙසේ වෙතත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද සඳහන් කළේ රට වැසීමට පසුගිය සතියේ කැබිනට් රැස්වීමේදී ගත් තීරණය ගැන අදාල ලිපියට අත්සන් තැබූ අමාත්‍යවරු නොදැන සිටි බවයි.
ඔවුන් සිය පක්ෂ අතර සාකච්ඡාවක් සඳහා වේලාසන නික්ම ගිය බවද ඔහු පැවසීය.
ඒ අනුව රට වැසීමර අමාත්‍ය මණ්ඩලය පසුව ගත් තීරණය ගැන දැනුවත් වීමකින් තොරව අදාල ලිපිය එවන්නට ඇති බව තමා විශ්වාස කරන බවයි ඩලස් අමාත්‍යවරයා පැවසුවේ.