මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ , නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යංශයේදී හමුවිය.
කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කරමින්, ඉන්දීය නාවික හමුදාවේ නෞකා පවා භාවිත කරමින්, නැගෙනහිර ඉන්දියානු වරායන්ගෙන් දියර ඔක්සිජන් සැපයීමගැන අමඅමාත්‍යවරයා ඉන්දීය රජයට ස්ස්තුතිය පල කලේය
ධීවර කටයුතු සම්බන්ධ කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, පවතින ගැටලුවලට අර්ථවත්, ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා දෙපාර්ශ්වයම එකඟ විය.
ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සහය ලබා දීම ද බෙහෙවින් අගය කරන ලදී.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් පිහිටුවීම කෙරෙහි ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය.