පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කරයි

August 19, 2021 at 1:38 PM

එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එමෙන් ම අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමට එම සංගමය තීරණය කර ඇත. මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ.