බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිව අගෝස්තු 31 වනදා දක්වා රිමාන්ඩ්කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් අදාළ නියෝගය ලබා දී තිබෙනවා.
අසාද් සාලිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 16 වනදා අත්අඩංගුවටගනු ලැබුවා. ඒ, ඔහු විසින් මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
අසාද් සාලිව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
එම ස්ථානයට ගිය මහෙස්ත්‍රාත්වරයා සැකකරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු තවදුරටත් රිමාන්ඩ් කිරීමට අදාළ නියෝගය දුන් බව සඳහන්.