“ගෑස් හිඟයට ආණ්ඩුවට බනින එක සාධාරණ නෑ” – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (VIDEO)

August 12, 2021 at 3:22 PM

භාණ්ඩ රාශියක මිල පාලනය කිරීමට කටයුතු කරනු ලැබුවත් ඉන් ඇතැම් අවස්ථාවලදී අහිතකර ප්‍රථිපල ලබන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුවෙන් ගෑස් හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කිරීම සුදුසු නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

” උදාහරණයක් ලෙස ගෑස් සමාගම් පසුගිය මාස 06ක කාලය සිට මිල වැඩි කිරීමට ඉල්ලීම් සිදුකරනු ලැබුවා. නමුත් ආණ්ඩුවට ජනතාවගේ පැත්තෙන් සිතන්නේ නැතුව සිටියා නම් ඒ සමාගම් වලට ඉල්ලීම් සිදුකරනු ලබන අවස්ථාවලදී ගෑස් මිල වැඩිකිරීමට අවසර දෙන්න තිබුණා. එහෙම වුනා නම් වෙළෙදපොලේ කිසිදු හිඟයකින් තොරව ගෑස් තියෙනවා.

රජයේ ගෑස් සමාගම ගෑස් සිලින්ඩරයකින් විශාල මුදලක් පාඩු ලබමින් තමයි සේවා සපයන්නේ. නමුත් ජාත්‍යන්තර වෙළෙදපලේ ගෑස් මිල ඉහළ යාමත් නිසා පෞද්ගලික අංශයේ සමාගම් වලට පාඩු ලබමින් කටයුතු කරන්න විදිහක් නැහැ.

මේ නිසා ගෑස් හිඟය සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුවට චෝදනා කිරීම සුදුසු නැහැ.. ආණ්ඩුව බලන්නේ ජනතාවට හැකි තරම් සහන ලබා දෙන්න. ඒ අවස්ථාවලදී ආණ්ඩුව සිදුකරන්නේ ඒ ඒ සමාගම් වලට පනවා තිබෙන බදු අඩුකරලා රජයේ ආදායම අඩු වුනත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන්න.

රජයේ ආදායම අඩු වුනාට වියදම අඩු වෙන්නේ නැහැ” යැයි මෙහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.