පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පළාත් අතර සංචරණ සීමා අද සිට දැඩි කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා වලට සම්බන්ධ නොවන කිසිදු පුද්ගලයෙකුට පළාත් අතර සංචරණය කිරිමට අවසර හිමි නොවන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.
එමෙන්ම විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීම සඳහා අමුත්තන් 150 දෙනාගේ සංඛ්‍යාව 50 දක්වා අඩු කිරිමට ද තීරණය කර ඇති බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අද සවස වන විට නිකුත් කිරිමට නියමිතව ඇති බවයි යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.