රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍රලේඛය අනුව හෙට ගුරුවරු සේවයට කැඳවයි. වෘත්තීය සමිති වලින් ලේකම් වරයාට ලිපියක්.

August 1, 2021 at 7:07 PM

හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍රලේඛය අනුව සියලු පාසල් වල අධ්‍යන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලද සේවය ට ආ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා ලිපියකින් දන්වා ඇත.

ඒ අදාල අංශ ප්‍රධානීන් වෙත හා විදුහල්පති වරුන් වෙත ඒ බව දන්වමිනි.

කෙසේ වෙතත් දැනට ඔන්ලයින් වර්ජන ක්‍රියාමාර්ගයක නිරත ගුරු විදුහල්පති සංගම්  අධ්‍යාපන ලේකම් වරයා වෙත දන්වා ඇත්තේ හෙට සේවයට නොපැමිණෙන බවයි.

අදාල ලිපි  මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.