ජපානයෙන් ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ගැන කරුණු කිහිපයක්

August 1, 2021 at 12:32 PM

මේ වන විට මෙරට ඇස්ට්‍රාසෙනිකා කොවිශීල්ඩ් එන්නත්කරණය යළි ආරම්භ වී තිබේ. මෙහිදී ප්‍රමුඛතාව ලැබෙන්නේ පළමු කොවිශීල්ඩ් එන්නත ලබාගත් අය වෙනුවෙන් ය.

මෙරට පළමු එන්නත්කරණය සිදුවූයේ ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලද එන්නත් තොගයකිනි. ඒ පසුගිය ජනවාරියේ සිටයි.

මේ වනවිට පළමු මාත්‍රාව 925242කට ලබා දී ඇති අතර ,දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ 386885කට ය.

ඒ අනුව තවත් එන්නත් මාත්‍රා 539,357කට ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවන මාත්‍රාව ලැබිය යුතුය.

මේ වන විට ජපානයෙන් එන්නත් මාත්‍රා 728,000ක් මෙරටට ලැබී ඇත.ලබන සෙනසුරාදා තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් ජපානයෙන්  ලැබීමට නියමිතයි. ඒ අනුව සමස්ත තොගය ලක්ෂ 14කි.

මේ වනවිට විහාරමහදේවි උද්‍යානයේ පැය 24ම ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. බස්නාහිර පළාතේ සෙසු පුද්ගලයින් සඳහාද එම වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව සම්බන්ධයෙන් කිසිවෙකු කලබල වියයුතු නොවේ.

අනවශ්‍ය කලබලයට පත් වීමකින් තොරව එන්නත් ලබා ගැනීමෙන් කොවිඩ් වෛරසය සඳහා නිරාවරණය වීමකින් තොරව  එම කටයුතු සිදුකර ගන්න.