හිෂාලිනිගේ දේහය අද ගොඩ ගැනේ

July 30, 2021 at 8:14 AM

අධිකරණ නියෝග මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය හිෂාලිනි ජූඩ් දැරියගේ දේහය අද ගොඩගැනීමට නියමිතව තිබෙනවා. ඒ, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.

නිරෝධායන උපදෙස්වලට අනුකූලව උදෑසන 8.30 ට පමණ ඒ සඳහා පත් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ සහ නුවරඑලිය මහේස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ දේහය ගොඩගැනීමට නියමිත අතර, පසුව එය දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන අංශයේ නිලධාරින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කළා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2010 වසරේ සිට සේවය කර ඇති මෙහෙකාරියන් 11 දෙනාගෙන් පස් දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.