ඇස්ට්‍රාසෙනිකා සෙනසුරාදා එයි

July 28, 2021 at 5:26 PM

කොවැක්ස් පදනම යටතේ මෙරටට  ප්‍රදානයක් ලෙස අපේක්ෂා කළ ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා (31)සවස 5:10 ට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි .

ඒ අනුව ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව බලා පොරොත්තුවෙන් සිටින 490,000 ට පලමුව එන්නත්කරණය  සිදුකිරීමට කටයුතු කරනබව සොෟඛ්‍ය අමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කරයි .

ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ දෙනෙකු සඳහා දෙවන මාත්‍රාව නොලැබීම ගැටලුවක් බවට පත් ව තිබූ අතර ජනාධිපතිවරයා ජපාන රජයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම එන්නත් ලැබීමට නියමිතය.