ලොව විශාලතම තරු නිල් මැණික (star sapphire) ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.
මැණික් වලින් පොහොසත් රත්නපුරය දිස්ත්‍රික්කයේ ජිවත්වන මැණික් ව්‍යාපාරිකයෙකු සිය නිවස පිහිටි ඉඩමේ කම්කරුවන් පිරිසක් විසින් ලිඳක් කපමින් සිටියදී එය සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බවයි සැලකෙන්නේ.
කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.