ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම චීනයට

July 24, 2021 at 9:50 AM

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මීටර් 10 වායු රයිෆල් කාන්තා තරගයට සහභාගී වූ චීනයේ යැං කිආන් ඩිනා ජිනිමාටා සමත් වී තිබෙනවා.

මෙහි රිදී පදක්කම රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කළ ඇනෙස්ටාෂියා ගැලෂිනා ක්‍රීඩිකාවට හිමිවූ අතර ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළේ ස්විස්ටර්ලන්තයේ නීනා ක්‍රිස්ටන් ක්‍රීඩිකාවයි.

මේ අතර මෙම ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ටෙහානී එගොඩවෙලට මූලික වටයේදී 49වැනි ස්ථානය හිම්විය. ඇය ලබාගත් සමස්ත ලකුණු ගණන 611.5කි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු දිනය යෙදෙන අද ශ්‍රී ලංකාවේ අනිකා ගපූර් සහ නිලූක කරුණාරත්න තම මූලික තරඟ සඳහා පිටියට පිවිසෙනවා.