ඇමති ගම්මන්පිලට එරෙහි වීශ්වාසභංග යෝජනාව පරදියි

July 20, 2021 at 5:59 PM

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 91 කින් පරාජයට පත් වුණා.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්ද 61ක් සහ විපක්ෂව ජන්ද 152ක් හිමිවුවා.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණා.