16 හැවිරිදි දැරියක් අතුරුදහන් : පොලිසිය විමර්ෂණ අරඹයි

July 20, 2021 at 2:15 PM

16 හැවිරිදි දැරියක් අතුරුදන් ව ඇතැයි කොට්ටාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන එම දැරිය ඊයේ දහවල් 1.30ට පමණ රෙදි දැමීම සඳහා ගිය අවස්ථාවේ දී අතුරුදන් ව ඇතැයි ඥාතීන් පවසන්නේ.

ඇය සිය මිතත්ණිය සමඟ නිවසේ සිට ඇති අතර රෙදි වේලීම සඳහා නිවසේ සැලැබ් එක මතට නැඟ ඇති අතර පසුව මිත්තණිය විනාඩි කිහිපයක් බලා සිටිය ද මිණිබිරිය නොපැමිණීම හේතුවෙන් කලබලයට පත්ව දැරියගේ මවට පවසා ඇත.

දැරියගේ මව ද රෝගාතුරව සිටින කාන්තාවක් වන අතර, පසුව ඇය විසින් කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.