රජයට අයිති මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවට (PHOTOS)

July 19, 2021 at 5:10 PM

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබෙන ලොව වටිනාම සහ මිල කල නොහැකි බැව් පැවසේන මැණික් 03ක් ලංකා බැංකු මුලස්ථානයේ පිහිටි අධි ආරක්‍ෂිත සේප්පුවක තැන්පත් කිරීමට අද කටයුතු කරනු ලැබුවා. ඒ කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කිරීමත් සමගයි.

ඒ එම අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන්.

කෙසේ වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ උපදෙස් පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතී.

නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමිය සුදානම් කරනතෙක් ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා මැණික් අධිකාරියට අයිතිව තිබූ ලොව වටිනාම මිල කල නොහැකි බැව් පැවසේන මැණික් 03ක් අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්‍ය බලකායේ ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීම අද සිදුකෙරුණා.