ගම්මන්පිලගේ විශ්වාසභංගයට රනිල් ගෙනා සංශෝධනය

July 19, 2021 at 3:14 PM

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි ගෙනා විශ්වාසභංග යෝජනාවට හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සංශෝධනය අනුව බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව මුළු කැබිනට් ඇමැතිවරුන්ටම එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවක් ලෙස සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේ එම යෝජනාව විවාදය අවසානයේදී ඉදිරිපත් කරන ලෙසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංශෝධන යෝජනාව පිළිබඳව සභාවේ කටයුතු ආරම්භයේදී දැනුම් දී සිටියා.

No description available.