තමන්ට සලකන ආකාරය වැරදි වූවත් ඒ ගැන සැලීමක් නොමැති බව හිටපු අමාත්‍ය එස්. බී දිසානායක පවසනවා. පාර්ලිමේන්තුවේ ජෙෂ්ඨත්වය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින්නේ තමන් සහ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.බි.දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ.
“මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා වෙලා හිටිය කාලෙයි අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ල්ඩ්කප් ගෙනාවේ. ඊට පස්සේ ආපු කිසිම කෙනෙකුට ඒ දක්ෂකම දක්වන්න බැරි උණා. මම හිතන්නේ නාමල් ඇමතිතුමාට ඒක කරන්න පුළුවන්.
කෘෂි කර්මාන්ත ඇමති වෙලා හිටියා. මහා පරාක්‍රම බාහු රජතුමාට පස්සේ රටේ වැඩිම වී අස්වැන්න වාර්තා වුනේ මම අමාත්‍යාංශය දරපු කාලේ.
දැන් මම වගා කරනවා. මේ සැරේ අක්කර 20ක් අර්තාපල් වගා කරනවා, පන්සල් යනවා. ඒත් මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.” හිටපු අමාත්‍යවරයා කියා සිටියා.