සෞඛ්‍ය සේවකයෝ යලි වර්ජන සූදානමක.

July 16, 2021 at 4:55 PM

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති රැසක් තම ඉල්ලීම් ලබා ගැනීම සඳහා නැවත වර්ජන ක්‍රියාමාර්ගයකට සූදානම් වෙති.

ඒ අනුව මේ මස 19 ,20 දෙදින එනම් ලබන සඳු දා සහ අඟහරුවාදා වැඩ වර්ජනයකට එක්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඒ පිලිබඳව වැඩි විස්තර දැනුම් දීමට නියමිත බවද ඔවුන් පැවසූහ .

සෞඛ්‍ය සේවා වෘත්තියෙන් සඳහා බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් රජය විසින් බඳවා ගැනීමට යාම පිළිබඳව විරෝධය පෑම මෙම වැඩවර්ජනයේ අරමුණයි.

ශ්‍රේණි 46 ක් නියෝජනය කරමින් සේවක සේවිකාවෝ 65000ක් පමණ මෙම වර්ජනයට සහය දෙන බව ඔවුන් පෙන්වා දෙති.

බහු කාර්ය සාධන බලකාය ලෙස සෞඛ්‍යය සේවාව සඳහා නවකයින් බඳවා ගැනීමේ සැලසුමක් ඇතිබවයි මොවුන් පවසන්නේ.