හෙට සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවා අත්හිටුවයි

July 16, 2021 at 4:51 PM

පසුගියදා ආරම්භ කෙරුණු පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ හෙට (16) සිට එළඹෙන අගෝස්තු 01 වනදා දක්වා එම තහනම ක්‍රියාත්මක බවයි.

කොවිඩ් මර්ධන සිදුකළ දැනුම් දීමක් අනුව මෙම තීරණයට එළෙඹී බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

” කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත මෙම මාසයේ 30 වෙනිදා වෙන විට ලබදිමට හැකි වනු ඇති බවට කොවිඩ් කමිටුව සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ දිනවල කොළඹ තිබෙන නව කොවිඩ් ප්‍රභේද වෙනත් ප්‍රදේශවලට යෑමට ඇති ඉඩ අවම වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව අපිට අගෝස්තු 01 වෙනිදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සීමිත සංඛ්‍යාවක් ධාවනය කිරීමට අවසරය කොවිඩ් කමිටුව විසින් ලබාදී තිබෙනවා” යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.