කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 1000ක ගේ සිරුරූ ඔට්ටමාවඩි හිදී භූමදානය කරයි

July 15, 2021 at 12:03 AM

ඔට්ටමාවඩි ප්‍රදේශයේ පිහිටි කොවිඩ් මරණ භූමදානය කිරීමේ ස්ථානයේ මේ වන විට කොවිඩ් මරණ 1001ක් භූමදානය කර තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන හිටපු මන්ත්‍රිවරයෙකු වන අලී සහීර් මවුලානා විසින් මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් ආසාදනය වී මියගිය මුස්ලිම් 946ක්, හින්දු 24ක්, ක්‍රිස්තියානි 16ක් සහ බෞද්ධ 15ක ගේ සිරුරූ මේ වන විට ඔට්ටමාවාඩි ප්‍රදේශයේ භූමදානය කර තිබෙනවා.

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් ගේ සිරුරූ ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි ද පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සිය ස්තුතිය පුදකර තිබුණා.