දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් බලධාරීන්ට යොමු කළ ලිපිය

July 14, 2021 at 5:38 PM

හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තමාගේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හමුවීමට අවස්ථාවක් ඉල්ලා ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළදී ඔහුව කණ්ඩායම සඳහා තෝරාගැනීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය හේතුවෙන් ඔහුව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බවත් ඒ හේතුවෙන් තම ක්‍රීඩා විලසයටත් දැඩි බලපෑමක් ඇතිව තිබෙන බවත් චන්දිමාල් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

“ක්‍රිකට් කියන්නේ මගේ වෘත්තීය. මම ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. මගේ අනාගතය ගැන නිවැරදි තීරණය ගැනීමට එය වැදගත් වෙනවා, ක්‍රීඩා දිවිය තුළ තමා සෑමවිටම රට ප්‍රමුඛ ස්ථානයේ තබා තීරණ ගත්තා” යැයි ද චන්දිමාල් සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් විසින් යොමු කළ සිය ලිපියෙන් අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් වැනි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා ගැන සංසන්දනාත්මකව තොරතුරු විශේලේෂණය කොට ඇත්තේ.