ජවිපෙ නායකයා කොවිඩ් එන්නත ලබා ගනියි

July 14, 2021 at 4:12 PM

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද දිනයේදී කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා. කොළඹ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී තමන් කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් බවයි ඔහු සිය ෆේස්බුක් සටහනක තබමින් සඳහන් කර ඇත්තේ.

” පුරවැසියෙකු ලෙස මාහට හිමි කොවිඩ් එන්නත ලබාගතිමි” යනුවෙන් ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේදී සහ යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදුන් අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම එන්නත ලබා ගෙන තිබුනේ නැහැ.

May be an image of 1 person and standing