සංචරණ සීමා ලිහිල් කිරිමට සමගාමීව අත්‍යවශ්‍ය සේවා සඳහා පළාත් අතර ගමන් කරන පිරිස් වෙනුවෙන් අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද සිට සීමා සහිතව ආරම්භ වනවා. ඒ අනුව අන්තර් පළාත් දුර ගමන් සේවා දුම්රිය 14 ක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොළඹ කොටුව සහ මහනුවර අතර දුම්රිය 04 ක්ද කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ රඹුක්කන, මහව, හලාවත යන දුම්රිය ස්ථාන අතර අද සිට දුම්රිය 2 බැගින්ද ධාවනයේ යොදවා තිබෙනවා.
එසේම, මරදාන සහ ගාල්ල අතර දුම්රිය 02 ක් ධාවනයේ යොදවා ඇති අතර මරදාන සහ බෙලිඅත්ත අතර එක් දුම්රියක් ධාවනය කෙරෙනවා.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අන්තර් පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථද අද සිට ධාවනයේ යොදවන බවයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා පළාත් අතර ගමන් කරන පිරිස් වෙනුවෙන් අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ 500 ක් පමණ අද සිට ධාවනයේ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය ද පියවර ගෙන තිබෙනවා.
එම මණ්ඩලය සඳහන් කළේ කාර්යාල ආරම්භක හා අවසන් වේලාවන් හිදී පමණක් එම දුර ගමන් සේවා බස් රථ ධාවනය කෙරෙන බවයි.
මීට අමතරව, පෞද්ගලික වාහන වලින් පැමිණෙන පිරිස් වලට ඒ වෙනුවට හඳුන්වා දුන් කොළඹ නගරයේ සුඛෝපභෝගී සිටි බස් සේවාවද අද සිට යළි ක්‍රියාත්මකයි.