යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය පරදා ඉතාලිය ජය වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා. මෙලෙස ඉතාලිය තමන් සතුකර ගත්තේ සිය දෙවන යුරෝපා කුසලානයයි.
එංගලන්තයේ වෙම්බ්ලි ක්රීඩාංගණයේ පැවති මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා. පළමු අර්ධයේ දෙවන මිනිත්තුවේදී එංගලන්තය පළමු ගෝලය වාර්තා කරමින් ඉතාලි කණ්ඩායමට ආරම්භයේදීම පීඩනයක් එල්ල කළා. ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ එකට බින්දුවක් ලෙස එංගලන්තය පෙරමුණ ගනිමින්. දෙවන අර්ධයේ 67 වන මිනිත්තුවේදී ඉතාලිය ගෝලයක් වාර්තා කරනු ලැබුවා.
නියමිත කාලය අවසන් වනවිට දෙපිළම ගෝල එක බැගින් ලබාගැනීම හේතුවෙන් ජයග්රාහකයින් තෝරා ගැනීම සදහා අතිරේක කාලයක් ලබාදුන් අතර එහිදී දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වුයේ නැහැ.
ඒ අනුව මෙවර යූරෝ කුසලානයේ ජයග්රාහකයින් තෝරාගන්නට සිදුවුණේ දඬුවම් පහර මඟින්.
එහිදී දඬුවම් පහර තුනට දෙකක් ලෙස සාර්ථක කරගත් ඉතාලිය, එංගලන්තයට සිය කුළුඳුල් යුරෝපා පාපන්දු කුසලානයක් ජයග්රහණය කීරීමේ තිබූ බලාපොරොත්තුව බිඳ දැමුවා.