ලීටර් 18 ගෑස් සිලින්ඩරයකට උපරිම සිල්ලර මිලක්

July 11, 2021 at 10:52 PM

ගෑස් සමාගම් වෙළඳපොළට අලුතින් හඳුන්වා දී ඇති ලීටර් 18 ගෑස් සිලින්ඩර සඳහා රුපියල් 1150ක උපරිම සිල්ලර මිලක් නියම කිරීම කෙරෙහි වෙළෙඳ අමාත්‍යාංශය අවධානය යොමු වී තිබෙනවා.

ඊට අදාළ කැබිනට් සංදේශයක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දැනට මෙම නව ගෑස් සිලින්ඩර අලෙවි කෙරෙන මිල රුපියල් 1393 කි.

මෙම නව ගෑස් සිලින්ඩරය හඳුන්වා දීම හරහා ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමඟ යවන බවයි ඇමතිවරයා අවධාරණය කර සිටියේ.

එබැවින් මෙම නව ගෑස් සිලින්ඩරය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසත් එහි ගෑස් ප්‍රමාණය ලීටර වලින් නොව බර අනුව සඳහන් කරන ලෙසත් ඇමතිවරයා ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

නව ගෑස් ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 9.5 ක් පමණ බවයි වාර්තා වන්නේ.