අද සිට ගුරුවරුන් ඔන්ලියින් ඉගැන්වීම් අත්හරියි

July 11, 2021 at 10:48 PM

රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (12) සිට සිසුනට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ගුරු සංගම් නායකයන් මර්ධනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම ක්‍රියාමර්ගය ගන්නා බව ද ගුරු සංගම් නියෝජිතයින් සඳහන් කරන්නේ.

ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට පෙරවරු 6 සිට මාර්ග ගත ක්‍රමයට කරන ඉගැන්වීම් කටයුතු නතර කරන බව ද ගුරු සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ.