විශ්වාස නැත්නම් අම්මා ගෙන් අහන්න… මම කවදාත් බය වෙලා නැහැ – අමාත්‍ය උදය ගම්මන්පිල (VIDEO)

July 11, 2021 at 5:18 PM

එලැඹෙන 19 හා 20 දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු බියක් තමන්ට නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

“ඔයාට මාව විශ්වාස නැත්නම් අපේ අම්මාගෙන් අහන්න, මම ජීවිතේ කවදාවත් බයවෙලා නෑ. දැකලා තියෙනවා ද මගේ මුණේ භයක් එකම එක දවසක. වේදනාව. මම හැමදාම ඉන්නේ සැහැල්ලුවෙන් තමයි” හංවැල්ල නව බස් නැවතුම්පොළ ඉදිකිකිරීමේ සමාරම්භක අවස්ථාවට අද (11) එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහයෝගය ලබාදෙයි ද යැයි මාධ්‍යවේදියෙකුගෙන් මෙහිදී විමසා සිටියා.

ඊට අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්..

“මම අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න කැමති නෑ. ඉවසලා ඉන්න 20වෙන දා හවස වෙද්දි මොකද වෙන්නේ කියලා හරියට ම බලාගන්න පුළුවන්.“