ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට ලබාදුන් කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.
දෙරණ 24 නාලිකාවේ විකාශය වු “BIg FOCUS” වැඩසටහන සමඟ එක්වෙමින් මහචාර්යවරයා මේ බව සඳහන් කර සිටියා.
ප්‍රශ්නය – ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු කොවිඩ් ආසාදිතයෙක් බවට වාර්තා වනවා. අපිට බැලූ බැල්මට නිරීක්ෂණය වෙන්නේ එංගලන්ත කණ්ඩායම තුළ තිබුණ ආසාදනය ශ්‍රී ලංකා කඳවුර තුළටත් ඇවිල්ලා තියෙනවා කියන කාරණය. අපේ ක්‍රීඩකයින් එන්නත් කරලා තියෙන්නේ. කොහොම ද ග්‍රාන්ට් ෆ්ලවර් ආසාදිතයෙක් වෙන්නේ ?
“එන්නත බලෙන් කරන්න බෑනේ. ග්‍රාන්ට් ෆ්ලවර් එන්නත ඕනේ නෑ කිව්වා. එයා කිව්වා එයාට ඕනේ ෆයිසර් එන්නත විතරයි කියලා. වෙන එන්නත් එයාගේ රටේ පිළිගන්නේ නෑ කියලා. මෙතෙන හොඳ පාඩමක් තියෙනවා. ඒ නිසා එයා ඕනකමින් එන්නත ගත්තේ නෑ. මෙතෙන පාඩම තියෙන්නේ, මගෙන් ලෙඩ්ඩු අහනවා අපි එන්නත ගන්න ද? කොයි එන්නත ද හොඳ කියලා. අපි හැමදාම දෙන්න හදන්නේ සරල සෞඛ්‍ය පණිවුඩනේ. හොඳම එන්නත තමයි ළඟ ම එන්නත. ළඟ ම ගහගන්න පුළුවන් එන්නත හොඳම එක. “