උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින යෝජනා කරයි

July 9, 2021 at 11:32 AM

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝබර් 03 වන දින සහ අ. පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 31 දක්වා පැවැත්වීමට දින යෝජනා කර ඇති බවට වාර්තා පළවනවා.

කෙසේ වෙතත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසුව ගැනීමට නියමිත බවයි.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පිරිස් ප්‍රකාශ කර සිටියේ
එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත 2021 උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.